Ru Waruna

රූ වරුණා

Lyrics of Ru Waruna

කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි

කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි

අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි
අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

අහස් ගව්ව සොයා යන්න
සමනල තටු ලැබුණයි
නුඹේ අතින් හැදෙන ඇඹුල
දිගු ගමනක් යන්නයි
අහස් ගව්ව සොයා යන්න
සමනල තටු ලැබුණයි
නුඹේ අතින් හැදෙන ඇඹුල
දිගු ගමනක් යන්නයි

හීන් හිනා කවට කතා
අද විතරක් ඔට්ටුයි
කිරි වදිනා හෙට දිනයේ
අලුත් පැලක් තැනුණයි
හීන් හිනා කවට කතා
අද විතරක් ඔට්ටුයි
කිරි වදිනා හෙට දිනයේ
අලුත් පැලක් තැනුණයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

Kichi bichiyata gee gayanna – Centigradz centi

More from Admin