සදක් බැස ගියා

Lyrics

සදක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුනා මතකයි මම ඉමි සිහි කරලා

දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ

විවේකයක් ලද විටදී අපි දුව පැන ඇවිදිනවා
ගණන් තමයි මගේ සිතට වදේ නිතරම වරදිනවා
ගමේ පාසලේ වැඩක අපි පෙරමුණ ගෙන යනවා
තවත් වරක් … තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් මම යනවා

ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවදින් පිරුණා සේ මුහුණේ සිනහ රැදේ
දුකක් සිතේ දැනුණේ නෑ මා හට අද මට දැනෙනු වගේ
තවත් වරක් … තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් මම යනවා

දෙළුම් මල් පිපුණු……
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ පොඩි කාලේ

Sadak sandak Besa Giya Awara Gire Sandak Basa Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Enable Notifications OK No thanks