Sina Mal Godak Para Depaththe
&

සිනා මල් ගොඩක්

Lyrics of Sina Mal Godak Para Depaththe

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙළා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ
කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙළා ගන්නෙපා මගේ පුංචී මල් කුමාරියේ
සිනා මල් ගොඩක් නෑ කඳුළු මල් ගොඩක්

බලන්න ආසයි හැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වාගේ අම්මේ
ඒ අහසෙත් සුළං කපොලු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයෙ රටාව තව නෑ දූ දන්නේ
සිනා මල් ගොඩක් නෑ කඳුළු මල් ගොඩක්

අහන්න ආසයි තුරුහිස කුරුළු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරි අම්මේ
ගැයෙනා මුතු කැට පදවැල් සීරෙන විට කඳුළු ගලයි
ඒ ගී උල්පත් ගැන නෑ මගේ දු දන්නේ

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙළා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ
කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙළා ගන්නෙපා මගේ පුංචී මල් කුමාරියේ
සිනා මල් ගොඩක් නෑ කඳුළු මල් ගොඩක්

Sinna Mal Godak – Nirmala Ranathunga and Sewwandi Ranathunga sevvandhi sevvandi sewwandhi

More from RogueOne