Sudu Neluma Ko

සුදු නෙළුම කෝ | Sudu Neluma Ko | Song & Lyrics

Lyrics of Sudu Neluma Ko

සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකුණූ පන්සලේ

වැවට කලුවර යා උනා
සංසාර දුක බෝ උනා
වැවට කලුවර යා උනා
සංසාර දුක බෝ උනා
නෙලූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුළ සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකුණූ පන්සලේ
සුදු නෙළුම කෝ

sudu neluma ko – W. D. Amaradewa

More from Admin

1 Comment

  1. ගීතයක් විතරක් නෙමෙයි ඕනිම දෙයක් බිහිවෙන්න වස්තු බිජයක් තියෙන්න ඕනි. පහු ගියදා රසාස්වාද වැඩසටහනක් තිබ්බනේ……. එකේදී කියැවුණු ගීතයක් ලියවෙන්න බලපාපු හේතුව මොකක්ද කියලා රත්නත් ශ්‍රී මහතා මෙහෙම කිවුවා. ඇත්තටම එකට හේතුව දැනගත්තම ඒ ගිතෙ ගැන මට පුදුම සංවේදී බවක් ඇති වුනා

    එදා ඒ මහතා කිවුව විදිහටම මම එකේ තේරුම කියන්නම්

    “මට ඒ වෙනකොට මොනරාගල පැත්තට මාරුවක් ලැබිලා තිබුනේ ගුරුවරයෙක් විදිහට. මට ඒ පළාතේ දුෂ්කර පාසලක දරුවන්ට උගන්වන්න ලැබුනා. මගේ පන්තියේ හිටියා දක්ෂ ගෑනු දරුවෙක් හත වසරේ. මේ ළමය පාසල් එන්නේ දවසක් ඇර දවසක් වගේ. මම මේ ගැන හොයලා බැලුවා. මේ ළමයට තාත්තා නැ ඉන්නේ අම්මා විතරයි. අම්මත් කාස රෝගේ හැදිලා ලෙඩ ඇදෙ ඉන්නේ. මේ ළමයා තමයි මේ අම්මත් ජිවත් කරවන්නේ ඒ මල් කඩල. ඒ පැත්තේ තියෙන දෙමටමල් විහාරේ වදින්න එන අයට විකුණලා. ඒ පැත්තේ තිබුන පොඩි වැවු වලින් තමයි මේ දරුවා මල කඩාගෙන යන්නේ. දවසක් ඉස්කෝලේ එනවා අනිත් දවස් වලට මල කඩලා විකුනනවා. එක දවසක් හවසක මේ ළමය ගැන ආරංචියක් නැතුව යනවා. දන්න කියන අය මේ දරුවා ගැන හොයලා බලනවා, එහෙම බලනකොට පහුවදා උදේ වැවු ඉවුරකට මේ ළමයාගේ මිය ගිය සිරුර ගොඩ ගහල තියෙනවා

    ළමයා වැවේ ගිලිලා මැරිලා! මේ ලමයාගේ මිනිය තියන්න ගෙදර ඉඩ මදි. ඒ හින්දා…. එළියේ පොඩි පොල් අත්තක් එල්ලලා එතන මිනිය තියෙනවා. මිනියට අන්දලා තියෙන්නේ ඉස්කෝලෙට ඇදපු ඒ ගවුම. මේ මල ගෙදර කටයුතු එහෙම ඉවර වෙනවා….”
    රත්නත් ශ්‍රී මහතා මේක පද වැලක් විදිහට දිනපොතේ ලියා ගන්නවා ඊට අවුරුදු 10 පස්සේ ඔහු මේ ගීතය අමරදේවයන් ලවා ගායනා කරනවා BMICH එකේදී එදා එක බලන්න ආපු සෙනග හැමෝම මේ ගීතේ ගයනා කරලා ඉවර වෙනකොට අඩනවා. ඔහුට දැනෙන්නේ ඒ මළගම නැවත වුනා වගේ හැගීමක්….. මේ ගීතයේ කොතනකවත් ළමයෙක් ගැනවත්, මැරුණු ගැනවත් සදහන් වෙන්නේ නෑ… බලන්න ඔයාලටත් එහෙම සංවේදී බවක් දැනෙනවද කියලා.

    Copied from : https://haraspara.blogspot.com/2012/08/blog-post_14.html