Lyrics
ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා ඔබේ පෙමට හඬලා
ඇලට දොළට මුහුදට යළි දෙනු බෑ,
ඇසට කඳුළු කිසිදා //
ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා
එක තරුවක්වත් නැති බොල් අහසක් සේ
නිල්ල වසා ගිය වැහි කළුවක් සේ
ජීවිතයෙන් ඔබ පලා ගියේ
දුවන මුවන් දැක නෙලූ පලා බිම හෙලූ දිනේ
ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා…..
කැඩපතකින් රුව දැක ඔබ ඔබෙ මුහුණේ
යම් දවසක මතු හඬන දිනක් ඒ එදාට
ඔබෙ දුක් බෙදා හදා අඬනු කෙසේදෝ
ඔබේ කඳුළු හා තුරුල් වෙලා
ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා…..
Ase kandulu bindu /ese kadulu bidu-Victor Rathnayake
Comment