Lyrics of Dahas Gananak
දහස් ගණනක් මුහුණු පසුකර
පළමුවෙනියා සේ එන්න
හවස් වෙනකල් ළගට වී හිද
අන්තිමේටම පිට වෙන්න
දහස් ගණනක් මුහුණු මගහැර
පමාවී පැමිණෙන්නෙමී
රහස් දුකකින් හිත පුරෝගෙන හවස්
වෙන්නට පෙර යමී
මගුල් ගෙදරක යන්න වාගේ හොදම කමිසය ඇද එන්න
අවුල් හිසකේ තමයි ලස්සන
හුළගෙ පාවෙන්නට දෙන්න
අවුල් හිසකේ හුළගෙ යනකොට තැවුල් ඉවසා හිණැහෙමි
තවත් දවසක අතින් අත ගෙන
මගුල් ගෙදරක යමු අපි
පහත් වී හිස සිඹින අතරේ ආදරේ යයි නොකියමි
පසුපසින් පසුපසට පිය මැන
තිතක් සේ නොපෙනී යමී
තිතක් සේ නොපෙනී යමී
තිතක් සේ නොපෙනී යමී
තිතක් සේ නොපෙනී යමී
තිතක් සේ නොපෙනී යමී
තිතක් සේ නොපෙනී යමී
තිතක් සේ..
Dahas Gananak – dhahas – Abhisheka Wimalaweera & Bimal Jayakody jayakodi


Comment