දියවන්නා කුමාරියේ

Lyrics

දියවන්නා කුමාරියේ
නුඹ නිදනා නිසොල්මනේ
දෙරණට සඳ පළුව එබෙනවා…

හීන පේන සීනි බෝල
තක්ෂිලාව වට කරලා
මගේ පුතා අකුරු කරනවා…

සුවට නිදන්නේ.. සිතුවිලි යහනේ..
වාමනයින් පවන් සලනවා…
හෝ හෝ හෝ.. හෝ හෝ හෝ..
නුඹව රකිනවා…..

හුස්ම බෙදන රූස්ස ගස්
යාය පිටින් කාසිවෙලා
ඉඩෝරයට හේතු හොයනවා…

දළ දිලිසෙන හස්ති රජුන්
හෙමින් හෙමින් නිදි කරලා
ස්වර්ගයට යන්න හදනවා…

සුවට නිදන්නේ.. සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා…
හෝ හෝ හෝ.. හෝ හෝ හෝ..
නුඹව රකිනවා…

පත්තිනියේ නුඹ නාඩන්
ඇය එතෙරක කාසි සොයයි
ඒ කාසිය රජුන් තනනවා…

රේණු තලා මල්ද තලා
තෙල් මල් ගෙන දෝත දරා
නිවන් යන්න පාර අහනවා…

සුවට නිදන්නේ.. සිතුවිලි යහනේ..
වාමනයින් පවන් සලනවා..
හෝ හෝ හෝ.. හෝ හෝ හෝ..
නුඹව රකිනවා…

Diyawanna Kumariye diyavanna – Naada Nada, dumal warnakulasooriya, chandika lilan, sanjaya udaya kumara, supun peris, prakash ranasinghe

More from Admin

Featured on

Enable Notifications OK No thanks