Lyrics
හදමල් පඳුරේ //
පිපෙනා සිතුවිලි මාලා
ඔබගේ මුවගින්
දෙනු මැන මදහස පාලා //
හදමල්
දිවා රෑ සැපතේ විපතේ එකසේ
බැඳිලා වෙසෙමූ මල හා පෙති සේ //
මගෙ දෑස මේ දකිනා දසුන්
ඔය නෙතටද හමුවේවා
හදමල් පඳුරේ…..
මෙලොවේ රස දේ දිවගේ තබමි
ඔබගේ බැල්මින් සැනසී ඉඳිමී
මවගේ තුරුලේ නිදනා පුතු සේ
රකිමී ඔබ මා පණසේ සුවසේ
මගේ දෑස මේ දකිනා දසුන්
ඔය නෙතටද හමුවේවා
හදමල් පඳුරේ…..
Hadamal pandure- Haroon Lanthra & Sujatha Aththanayaka
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment