Lyrics
කුසුමට ලංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන්
ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන්
හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්
මා රිදවා සතුටු නොවෙන්
කුසුමට ලංවී රොන් ගන්නා …
හෙට පායන හිරු කිරණින්
යලි මා විකසිත වේවී
හෙට පායන හිරු කිරණින්
යලි මා විකසිත වේවී
ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
යලි මා මුකුලිත වේවී
කුසුමට ලංවී රොන් ගන්නා …
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
Kusumata lanwi lanvee lanwee- Chandralekha Perera


Comment