මවකගේ උණුසුම නොලබා

Lyrics

මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ

හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ
අප දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
මා හට දී ඔයා ඈ සුර ලොව ගියා
සුර විමනක වැදී මගේ රන්කද නිදී

තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ
මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා
මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා

ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
සුර විමනක වැදී මගෙ රන්කද නිදී
සුර විමනක වැදී මගෙ රන්කද නිදී

Mavakage Mawakage Unusuma nolaba – K. Sena

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *