තවම පණ තියෙනවා

Lyrics

ආදරේ හිතෙනවද අහනවා
ඔව් මටත් ආදරේ හිතෙනවා
හාදු මට දැනෙනවද අහනවා
ඔව් මමත් උණුහුමක් හොයනවා
කිරි වරම් නෑ නේද අහනවා
කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තවම පණ තියෙනවා

හත් මාල නළල් පට නෑ
සුදු නෙලුම් රෝස පෙති නෑ
නෙත් අඳුන් යටින් උනනා
කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තවම පණ තියෙනවා

ගිනි කඳුළෙන් දෙමට මලෙන්
නයි කඳුළෙන් නුග කොළයෙන්
ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන්
දිරිය අරන් පිපියන්
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තවම පණ තියෙනවා
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තවම පණ තියෙනවා

Adare hithenawada ahanawa – Thawama thavama pana thiyenawa – Abhisheka Wimalaweera

More from Admin

Featured on

Enable Notifications OK No thanks