Lyrics
මිහිමඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා
අහස්තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා
සිය දහසක් නෙක ලෝ දා
එළිය කරන අම්මා
සොළොස් කලා පිරි පුර හඳ
එළිය කරන අම්මා
මිහිමඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා
අහස්තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා
සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා
උදාගිරෙන් ලොවට වඩින
ළහිරු මඬළ අම්මා
මිහිමඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා
අහස්තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා
Mihimadale මිහිමඩලේ Anduru aduru Kuse – Nanda Malani


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment