Lyrics of Nohadan Priyawe
වැහි නැති දා ගිනියම්ලූ දිවාකරේ
මල් පරවී යනවාලු ඉඩෝකරේ
දෙහදේ පෙම් පරවුනේ නෑ ගිනියමේ
සුහදේ තව ළං වෙමුද මේ මීදුමේ
හිරු හැංගුනාවේ වළාවේ නුඹේ රුව නෑ කියා
මේ වාලුකාවේ හඬාවී වලාකුල් ඈ නියා
පෙම් වර්ෂාවේ තෙමාවී නෙතේ කඳුළැල් පිහා
නොහඬන් ප්‍රියාවේ ඉඩෝරේ නිමාවීලා ගියා
නුබෙ දෑතින් මා අල්ලන් මේ මල් යායේ
එන්නම් සැඳෑවේ ශ්වේතාංගනාවේ
උනුහුම් වී මා නුඹගේ තුරුලේ ආයේ
ඉන්නම් නොයා මේ සන්සුන් සුයාමේ
විඩා මතක පාරා..
සිනාසෙන්න මා හා..
දෙහදේ පෙම් පරවුනේ නෑ ගිනියමේ
සුහදේ තව ළං වෙමුද මේ මීදුමේ
හිරු හැංගුනාවේ වළාවේ නුඹේ රුව නෑ කියා
මේ වාලුකාවේ හඬාවී වලාකුල් ඈ නියා
පෙම් වර්ෂාවේ තෙමාවී නෙතේ කඳුලැල් පිහා
නොහඬන් ප්‍රියාවේ ඉඩෝරේ නිමාවීලා ගියා
නොහඬන් ප්‍රියාවේ ඉඩෝරේ නිමාවීලා ගියා
මේ වාලුකාවේ හඬාවී වලාකුල් ඈ නියා
පෙම් වර්ෂාවේ තෙමාවී නෙතේ කඳුලැල් පිහා
නිල් මල් සිනාසී බලාවී නෙත් මානෙන් ඈ තියා
Nohadan Priyawe piyave – DILU Beats | Guitars – Prakash Ranasinghe | Guitar Recording – Kalpa Gunasekara @K sharp Studios | Flutes – Madusara Liyanage


Comment