Obage Dothin Pidu Adare

ඔබගෙ දෝතින් පිදූ ආදරේ | Obage Dothin Pidu Adare | Song & Lyrics

Lyrics of Obage Dothin Pidu Adare

ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ
යළි නිමා වෙන්‌ එපා මා කෙරේ
සසර වසනා තුරා
හිඳිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ
ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ

එක හිත්‌ බිඳේවී ඇසුරින්‌ මිදේවී
ලෝකෙන්‌ නැගේ චෝදනා
ඉවසන්න වේවී සැනසුම්‌ ලැබේවී
ආයෙත්‌ නොවෙයි වේදනා

ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ
යළි නිමා වෙන්‌ එපා මා කෙරේ
සසර වසනා තුරා
හිඳිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ
ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ

කඳුළක්‌ වැටේවී සුසුමක්‌ නැගේවී
දෑතින්‌ වසා ආදරේ
නොසැලෙන්‌ දයාවී අහිතක්‌ නොවෙවී
මා නම්‌ සදා ආදරේ

ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ
යළි නිමා වෙන්‌ එපා මා කෙරේ
සසර වසනා තුරා
හිඳිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ
ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ

Obe Dothin Pidu Adare – somasiri medagedara madagedara

More from aveterone