රෑ නීලම්බරේ

Lyrics

රෑ නීලම්බරේ ශුන්ගාර වේ ඈ යන්තම් හෙළු මනමාල වූ බැල්මක් වගේ //
මේ සෞම්‍ය යාමේ මීදුම් නිශාවේ පාළුයි මගේ ජිවිතේ දැල් කවුළුවෙන් ආ මෝසම් සුලන් රැල් සීතයි සිතයි ඈදුවේ
ඇයි මේ තරම් මල් උන්මාදයෙන් ඉන්නේ ඈ ගාවදෝ ජීවිතේ
මේ හුදකලාවෙන් මා හද නිවෙයි ඇත්දැයි ඈ උන්නම් දැන් ලගින්
අනුරාගී … හඳපානේ .. සිහිලාවේ.. සිත පාවේ ..මගේ හීනේ ..පිබිදේවා.. නුඹ වේ
රෑ නීලම්බරේ …..
සිතෙන් ගිලන් වූ සේපාලිකාවන් නින්දෙන් මිදී සැලේ රෑ තුන් යමේදී මේ හීන ගානේ ඈ ඉන්නවා මෙන් දැනේ ඈ දන්නවා නම් මේ සන් සුසුම් සංකා ලෝකෙන් වසන් වී ඒවී දැන් මා හිත් කැදැල්ලේ හැංගි හිගුම් සත්තයි මේ දුක් නිමාවී ආදරෙන්
අනුරාගී … හඳපානේ .. සිහිලාවේ.. සිත පාවේ ..මගේ හීනේ ..පිබිදේවා.. නුඹ වේ
රෑ නීලම්බරේ …..

Rae ra nilambare – Pradeep Rangana

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks