Lyrics
රන් මිණි සරුව පිත්තල අබරණ ඇඟට
දැම්මම නුඹ පෙනෙයි රජකුමරියක ලෙස
නුඹ රැඟුවත් නලඟන සේ
මා දුටුවත් සුරඟන සේ
වෙන්නේ කොහොම රැජිණක් නුඹ
ඇන්දට රජ කුමාරියට 
ඇන්දට රජ කුමාරියට
වැටූ දිගැස් සර ඇස් බැන්දුම් සේමා
රටේ පතල අත් පොලසන් හඬ බෝමා
දිනූ ඔටුනු බර ගරු සරු අභිමානා
එපා මෙමට දෙනු හිමිටම පෙම් පානා
එපා මෙමට දෙනු හිමිටම පෙම් පානා
රන් මිණි සරුව පිත්තල …
මනා උකුල ලැම හස දෙනු දරුවන්ටා
පතා ගෙනා හිමි අත මතු නාරින්ටා
සිනා මට දුන්නු ආපහු ගෙනයන්ටා
කිසිදා බැරිය මට නම් වැදි රජු වෙන්ටා 
කිසිදා බැරිය මට නම් වැදි රජු වෙන්ටා
Ran Mini Saruwa saruva Piththala – Sunil Edirisinghe


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment