Lyrics
සළෙලු වරමින් සරන පුරයේ 
ඇස ගැටුණු පෙම්බරිය මා 
අග මෙහෙසි සිහිනයක පැටලී 
ඇතු පිටින් රජ ගෙදර ආ
කොකුම් අංජන තිලක තවරා 
හැමදාම මං බලා උන්නා 
නුඹෙ නමින් මා හෙළු කඳුලැලි 
සඳ රැජිණියට තෑගි දුන්නා
සළෙලු වරමින් සරන පුරයේ …
හිස් අතින් නුඹ වෙතට ආ මං 
ආ පයින් හිස් අතින් යන්නම් 
පුරඟනන්ගෙන් පිරුණු ඇතොරේ 
රැජිණ වෙන්නට ඉඩක් නැත්තම්
සළෙලු වරමින් සරන පුරයේ …
Salelu waramin varamin sarana puraye – Nanda Malani


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment