Lyrics of Senehe Mal Sina Pa
සෙනෙහේ මල් සිනා පා
ඔබ ලඟ ඉන්නම් මා
මා ඔබේ සෑමදා
හද උයනේ විහඟක සේ
යනවා පෙම් චාරිකා
මහදේ පිපේ
ආදරේ ආදරේ
පෙම්වත ඔබටයි ගීතේ
හද ගී පොතේ ලියා
ලංවන මොහොතේ කීවේ
ඔබ මාගෙමයි කියා
මා ආදරෙන් දෑතේ බැඳී
ඉන්නම් සදා
සෙනෙහේ මල් සිනා පා
ඔබ ලඟ ඉන්නම් මා
මා ඔබේ සෑමදා
ලංවුනු හින්දයි ආවේ
සසරේ පුරා සරා
වෙන් නොම වෙන්නම් මාගේ
මුලු ජීවිතේ පුරා
මා ආදරෙන් දෑතේ බැඳී
ඉන්නම් සදා
සෙනෙහේ මල් සිනා පා
ඔබ ලඟ ඉන්නම් මා
මා ඔබේ සෑමදා
හද උයනේ විහඟක සේ
යනවා පෙම් චාරිකා
මහදේ පිපේ
ආදරේ ආදරේ
ආදරේ ආදරේ
Senehe Mal Sina Pa malsina – Uresha Ravihari


Comment