සුලගක් වී

Lyrics

සුලගක් වී මා යනවා දුර අහසේ ඇවිදින්නට අප්පච්චි කොහොමද මං අල්ලන්නේ

අහසක් සේ දූ යන මග පුළුන් වලා අතුරනවා එහෙමයි මගෙ දෝණි මං අල්ලන්නේ පණ වගේ මගෙ දූ මං රැක ගන්නේ
….
මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා ලොකු ගස් වැල් කඳුවැටි හෙම උඳුරා පොළවට දමනවා අප්පච්චි කොහොමද මං වලකන්නේ

මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා මං ලග නොවැ දූ සැමදා සැනසෙන්නේ

මං බොරු තරහක් ගන්නව ඇස් රතු වෙනකල් හඩනවා තුරුළට අරගෙන හිටියත් නැලවෙන්නැතුවම ඉන්නවා අප්පච්චි කොහොමද මං නලවන්නේ

දූටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඬේනවා දූගේ කඳුළු මං දන්නවා දූ නැළවෙනකන් හඬනවා මං ඇඬුවම දූ නොවැ මා නළවන්නේ
සුලගක් වී …..

Sulagak Wi Wee Man Yanawa – Edward Jayakody

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks