Lyrics of Wassak Wela
සඳ සරසා තිබුනා තරූ හිනැහී උන්නා
මල් පිපිලා මන්දාරමේ
ඔබ හා මා බැදුනා හද මඩලේ පිරුනා
වචනෙන් පවසන්න බෑ ආදරේ
ලදුනේ ඔය හෙවනැල්ල සෙවනක් වෙලා
මා නිවෙනා තරම් ඔබ නිසා
සංසාරේ ඉදලද එන්නේ සුලගක් වෙලා
මේ සැනසීම දෑතේ දරා
වැස්සක් වෙලා ඔයා වහිනා තුරා
මං ආදරේ තෙමෙනවා
හුස්මක් වෙලා ඔයා හිස්තැන් මකා
මගේ ජීවිතේ සැරසුවා
දෑතේ වෙලිලා ආලේ වෙරලේ
අපි දෙන්නා ඇවිදන් යමූ
කාලේ ගෙවිලා අවසානයෙත්
දෑතින්ම අල්ලන් ඉමු
අපි ලියනා අපේ කතාවේ අවසානේ තුටින් නිමා වේ
මල් පිපෙනා දුහුල් තලාවේ ඔය සුවදයි මගේ ආදරී
වැස්සක් වෙලා ඔයා වහිනා තුරා
මං ආදරේ තෙමෙනවා
හුස්මක් වෙලා ඔයා හිස්තැන් මකා
මගේ ජීවිතේ සැරසුවා
සැරසුවා
Wassak Wela vessak vela – Raveen Tharuka ravin


Comment