Lyrics
මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන් නෝනට වැඩි කවිකාරිලු
ආල වඩන කවි සින්දු ගොතන්නට ඉස්සර ඉදලම මං කවිකාරිලු
මං කවිකාරිලු මං කවිකාරිලු
දහසක් රස විදි කවි පද ගැයුමුත්
ඒ එක කවියක් හිතේ රැදී නැත
මගෙ සංසාරේ දුක් සනසාලන
සෙනෙහස ගැන එක කවක් කියා නැත
පින් නැතිදෝ ඒ කවිය කියන්නට මේ කවිකාරිට මේ කවිකාරිට
මං කවිකාරිලු මං කවිකාරිලු…..
මව් පදවිය ලද අම්මාවරුනේ
කොතෙකුත් දරුවන් මං නළවා ඇති
මගේම දරුවෙක් නළවාගන්නට එක කවියක්වත් මං කියලා නැති
පින් නැතිදෝ ඒ කවිය කියන්නට මේ කවිකාරිට මේ කවිකරිට
මං කවිකාරිලු මං කවිකාරිලු…..
Man kawi kaarilu karilu kavikarilu -Niranjala Sarojini
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment