Lyrics
මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ
…
මට වේදනා නොදුන්නැයි කීවත් කුමක් කියයිදෝ
ඔබ මට දුකක් නොවී යෑයි කීවත් කුමක් කියයිදෝ
මා හද ලෙයින් ලියූවත් ලොව මට කුමක් කියයිදෝ
මුළු ලොව මගෙන්…..
ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත් මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත් ලොව මට කුමක් කියයිදෝ
මුළු ලොව මගෙන්…..
Mulu Lowa Lova Magen Asavi – Prof. Sanath Nandasiri, Lyrics – Praneeth Abeysundara, Music – Sanath Nandasiri


Comment