Lyrics of Numba Hemin
ගඟක් වී තැනිතලාවක ගලනා
තුරුපතක් සේ රැයක බිම හැලෙනා
තරු ඇසක් සේ පහන් දොර මැකෙනා
නුඹ හෙමින් මග හැරෙනු මට දැනුණා
නොයෙක පෙම් බස් අතීතෙන් ඇසුණා
කඳුළු උල්පත් කවිවලින් වැසුණා
දෙනෝ දාහක් මුණ ගැහුණ මග
මටද මා නැති තනිකමක් දැනුණා
මටද මා නැති තනිකමක් දැනුණා
නොදැනෙන්න ඔබ කවුලු දොර වැසුවා
පිටවගිය මං ළකුණු මග තිබුණා
වළාකුළකට බර වැඩිව වැහි
සිඟිති කරදහි ඔරු තෙමා තිබුණා
සිඟිති කරදහි ඔරු තෙමා තිබුණා
ගඟක් වී තැනිතලාවක ගලනා
තුරුපතක් සේ රැයක බිම හැලෙනා
තරු ඇසක් සේ පහන් දොර මැකෙනා
නුඹ හෙමින් මග හැරෙනු මට දැනුණා
Numba nuba Hemin (නුඹ හෙමින්) | Chapa Jayaruk


Comment