Lyrics of Paya Aa Sanda
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
දෑත දෙපය මගෙ සීතයි
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්
කොහි සිට හෝ යළි එන්නම්
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
Paya Aa Sanda sada සද – Milton Mallawarachchi mallavarachchi


Comment