Sanda Se Dawasaka

සඳ සේ දවසක ඔබ බැස යාවී

Lyrics of Sanda Se Dawasaka Oba Besa Yawi

සඳ සේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමු වුනු තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැන හිතලා

වළාකුලකි ඔබ මළානිකව ගිය
හිස් අහසේ සරනා
දරා ගනිමි දුක කාට කියන්න ද
ඔබ අන්සතු වූ දා
ඔබ අන්සතු වූ දා

සඳ සේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමු වුනු තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැන හිතලා

සලාන මුවරද ගලාන යන සඳ
මද සුළඟේ දැවටී
බලා හිඳිනු මිස කුමක් කරන්නද
ඔබ අන්සතු මලකී
ඔබ අන්සතු මලකී

සඳ සේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමු වුනු තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැන හිතලා

Sada Se Davasaka Oba Basa Yavi – Chamara Weerasinghe wirasinha

More from Admin

Enable Notifications OK No thanks