සරත් සදේ – Juliya Movie

සරත් සඳේ රැයක මුදු සුවඳ දරා ගන්න හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුණන්න
වරා මලින් මලට මල් වියන තනා ගන්න පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
හැඟුම් විහඟුන් තුරුල් වෙද්දී සිතුම් සියොතුන් ඉඟිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී මාගේ දෙනුවන් පුරා විහිදේ


ගිම්හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ අපට බාධා නොදී
උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ රැඳෙයි අප තුරුලේ
සීතලේ උණුසුම ඇති මේ තරම් දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම් අපගේම යහනක සිහින හේදාවකී … හෝ …

හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ අපට අප සෙවනකී
ප්‍රේම හිම පියලි පහසේ නිමක් නෑ අපට අප පමණකී
සීතලේ උණුසුම ඇති මේ තරම් දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම් අපගේම යහනක සිහින හේදාවකී … හෝ…

සරත් සඳේ ….
හැඟුම් විහඟුන් තුරුල් වෙතී සිතුම් සියොතුන් ඉඟිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී මාගේ දෙනුවන් පුරා විහිදේ

Sarath Sande sade Rayaka Mudu Suwada Lyrics – Bachi Susan

More from NmL

Similar

Comment

Your email address will not be published. Required fields are marked *