Shanthini Thema Wetei

ශාන්තිනී තෙමා වැටී | Shanthini Thema Watei | Song & Lyrics

Lyrics of Shanthini Thema Watei

ශාන්තිනී තෙමා වැටී නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නැඟෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං

ශාන්තිනී තෙමා වැටී නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නැඟෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං

කඳුළු උඩට තිරුවංගල් එලිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බර ද කියාපන් කෙල්ලේ බර ද කියාපන්

ශාන්තිනී තෙමා වැටී නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නැඟෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං

සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

ශාන්තිනී තෙමා වැටී නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නැඟෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං
ශාන්තිනී තෙමා වැටී නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නැඟෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං

Shanthane santhani – Karunarathna Divulgane

More from Admin

1 Comment

  1. මෙම ගීතයට පාදක වී ඇත්තේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ මිතුරෙකුගේ අත්දැකීමක්. ඔහු පවසන පරිදි මෙය ඔහුගේ උසස් පෙළ සදහා අධ්‍යාපනය ලබන අවධියේ සිදු වූ සිදුවීමක්. ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිටින අවධියේ විභාගයේ ප්‍රධාන විෂයන් අවසන් වූ පසු ඉතිරිව තිබු ඉංග්‍රීසි විෂය සදහා දවස් හතක කාලයක් ඉතිරි වී තිබුණා. මෙම කාලයේ විශේෂයෙන් කල යුතු වැඩක් නොතිබූ බැවින් ඔහුගේ මිතුරන් විසින් විවිධ කටයුතු වල යෙදීමට සැලසුම් කර ඇත. මින් එක මිතුරෙක් තමන්ගේ ඥාතියකුගේ නිවසේ මෙම නිවාඩුව ගත කිරීමට තීරණය කර ඇත. මෙම ඤාතිවරයා ඉද ඇත්තේ නුවර එළියේ, ඉතින් මෙම මිතුරා නිවාඩුව ගත කිරීමට නුවර එලියට පිටත් වුණා.

    මෙම මිතුරා නැවතී ඉද තිබුණේ බොහොම සුන්දර පරිසරයක. එබැවින් ඔහු සැමදාම උදේට අවට මංමාවත් වල තේ වතු මැදින් වැටුණ අඩි පාරවල් වල ඇවිද යන්න පුරුදු වී ඇත. මෙසේ අව්දිමින් සිටියදී එක දවසක් ඉතා සුන්දර යුවතියක් මුහුණට මුහුණ මුණ ගැසෙනවා. හැද පැළදුම් අනුව දමිළ ලඳක්. ඔවුන්ගේ පළමු නෙත් හුමුවිමෙන්ම ඔවුන්ගේ සිත් එකිනෙකා කෙරෙහි බැඳී යනවා. මෙසේ ස්වල්ප වෙලාවක් එකිනෙකා කෙරෙහි බලාහිදිමෙන් පසු ඔහු ඇයව සිංහල භාෂාවෙන් අමතනවා, එහෙත් ඇයට සිංහල වැටහෙන්නේ නැහැ. ඔහුට දමිළ භාෂාව වැටහෙන්නෙත් නැහැ.

    මෙලෙස මේ දෙදෙනාගේ හමුවීම ඔවුන්ගේ දින චර්යාවේ කොටසක් බවට පත්වෙනවා. හමුවෙලා කතාකරන්න නොහැකි වුනත් සිනහවෙන් නෙත් වලින් හැකි තරම් අදහස් හුවමාරු කරගන්නවා. ඔවුන්ගේ බැදීමට තිබු බාධක කෙතරම් විශාලද යත් ඔවුනොවුන් එකිනෙකාගේ නම් වත් දැනගන්න ලැබී නැත. මේ අයුරෙන් සතියකට ආසන්න කාලය ගෙවී අවසන් වෙනවා.

    ඔහුගේ වෙන්වී යාමට ඔහුගේ ඥාතියාගේ ගෙදර පොඩි සාදයක් පැවැත්වෙනවා. මේ සදහා ඤාතියා අහල පහල හිතවතුන් කිහිපදෙනේකුටත් ආරාධනා කරනවා. රැ හතට පමණ සාදය ආරම්භ වන අතර ඔහු පුදුමයට පත් කරමින් ඔහුගේ සිත් ඇදගත් එම යුවතියත් මෙම සාදයට පැමිණෙනවා. පියකරු ලෙස හැද පැළද මාල වළලු වලින් සැරසී ඇය සිය පියා සමඟ පැමිණ සිටිනවා. ඔහු නොදැන සිටියට මෙම යුවතියගේ පියා හා ඔහුගේ ඥාතියා සමීප මිතුරන්. මෙම පවුල් දෙක අතර ජාතින් ඉක්මවා සමීප බැදීමක් පැවති ඇත. මෙම අවස්ථාවේ මෙතෙක් නොදැන සිටි ඇයගේ නම ඔහුට දැනගන්න ලැබෙනවා. ඇය ශාන්තිනි.

    සාදය අතරතුර දෙදෙනාගේ නෙත් හමුවුවත් කියාගන්න නොහැකි දේ දෙනෙතින් කියවුණත් දෙදෙනාට මේ සමාජය තුළ, සමාජ සම්ප්‍රදාය තුළ ඉඩ නොමැති බව ඔහුට වැටහෙනවා. ඒ නිසා ඔහු තම හැගීම් හද තුළ තෙරපා තද කර එහි සිර කර තැබීමට ඉටා ගන්නවා. මේ ගීතයට මුල් වන මොහොත උදා වන්නේ මේ අවස්ථාවේදීයි.

    සාදය අවසානයේදී අමුත්තන් සදහා පොඩි කතා කිහිපයක් පවත්වනවා. මේ අතරේ ඔහුටත් පොඩි කතාවක් කිරීමට අවස්ථාව ලැබෙනවා. හද තුල තෙරපෙන හැගුම් සමඟ පොර බදිමින් ඔහු කතා කිරීමට උත්සහ දරනවා. සැවොටම ස්තුති කර ඔහු අවසානයේ මෙසේ පවසනවා.

    “මන් හෙට මෙහෙන් යනවා, සමහරවිට ආයේ කවදාවත් අපි හමුවෙන එකක් නැ.”

    එසේ පවසා ඇයට මා කියූ කිසිත් වැටහෙන්නේ නැ නේද සිතමින් ඔහු නැවත අසුන් ගන්න සැරසෙනවා. එහෙත් මේ මොහොතේ ඇය හඬා වැටීමට පටන් ගන්නවා. අනිත් පිරිසට පුදුමයක් වුවත් ඔහුට මෙය අරුමයක් නෝවේ, ඉතින් ඔහුත් සැවොමට හොරෙන් තම නෙතඟින් නැගුණු කඳුළක් පිසලනවා.

    මේ කතාවේ අවසානය මෙය වුවත් රත්න ශ්‍රී මහත්මයා අවසානයේ පවසන අයුරින් මේ කතාවේ ඔහුගේ මිතුරා වෙනකකු නොව ඔහුම බව හෙළි කර සිටිනවා.

    මෙම ගීතයට පාදක වූ සිදුවීම සිදුවුණේ 72, 73 අවධියේ, 83 කෝලාහල කාලයේ රත්නශ්‍රියන්ට මතක් වෙනවා ශාන්තිනි, ඇය යහතින් ඉන්නවාදැයි ඔහුගේ සිතේ නැගෙන හැගීමත් සමඟ ගීතය ලියවෙනවා.

    Source : masandumal.blogspot.com