Lyrics
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලඟ අම්මේ //
කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට හෙවනැල්ලක් වේ
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ලඟ අම්මේ
උකුලට නාවත්…..
අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ලඟ අම්මේ
උකුලට නාවත්…..
Ukulata nawath eda wage ma podi puthu -Rookantha Rukantha Gunathilake
Comment