Lyrics
යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරෙක
හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
හෙට රෑ වෙලා එලිවෙන සඳ
හිත හාරනා මහ පාලුව
නුඹ ගන්නවානම් ආපිට
යනවා කැන්දා
වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා
තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා
අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා
තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ
නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ
තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා
නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා
යායට පායනා …
Yayata payana sanda sada – Prihan Madappuli ft. Iraj
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment