අයි අයියෝ

Lyrics

දෙමව්පියන්ගේ කීම අසාලා
තියන නිදහසත් අනෙ මම නැති කර ගත්තා
දැන් ගෑනුන්ගේ හැටි තේරෙනවා
හරියන්නැති කසාදයක් මං බැඳ ගත්තා

අයි අයියෝ මගෙ අම්මෝ
මොකටද මං බැඳ ගත්තේ //

ඕව ටයිම් කියාලා හොර ගමන් ගිහිල්ලා
තමුසේ හැමදාමත් පරක්කු වී ගෙදරට එනවා
මෙහෙ වැඩ ගොඩ ගැහිලා මං කරදරේ වැටිලා
මීට පස්සේ ලේට් වුනොත් කකුල් කොටනවා

අයි අයියෝ මගෙ අම්මෝ
මොකටද මං බැඳ ගත්තේ //

අනේ පාරේ යන්න බෑ මට තමුසේ එක්කලා
හොරෙන් හොරෙන් ගෑණු දිහා බැල්ම දානවා
චි ලැජ්ජ හිතෙනවා මට කේන්ති යනවා
බැඳලා උනත් මනමාලකම තාම තියෙනවා

අයි අයියෝ මගෙ අම්මෝ
මොකටද මං බැඳ ගත්තේ //

ඔන්න මට තද වෙනවා අම්මප පිස්සු හැදෙනවා
බැලුවම මම කරපු කිසිම වැරැද්දකුත් නෑ
මං යන්නම යනවා දික්කසාද වෙනවා
රණ්ඩු කරලා මෙහෙම අපට ඉඳලා වැඩක් නෑ

හා ! යන්න හදනවා දරු දෙන්නෙක් හදලා
අනේ මගේ කට මං තමුසෙට යන්නම දෙනවා
මේ මේක අහනවා දැන් හිතට ගන්නවා
බැඳගත්තා නම් තමුසේ බෙරේ ගහනවා

අයි අයියෝ මගෙ අම්මෝ
මොකටද මං බැඳ ගත්තේ ///

Ai Aiyo mage ammo -Gypsies

More from elon

Featured on

Enable Notifications OK No thanks