&

දුටු දා ඉඳලා

Lyrics

දුටු දා ඉඳලා ලුහුබැන්දා
දන්නවාද මම පෙම් බැන්දා
රහසේ බැඳි පෙම් එළිවූදා
පෙම් සැපේට වේදෝ බාධා

බාධක අවහිර හිරිහැර නොමැතී
ආලය රස නැත සීදේවී
බැහැ හරවන්නට පෙම් ගඟ නම්
දුටු දා ඉඳලා ලුහුබැන්දා

මට දැන් තනි නෑ මේ ලෝකේ
දෙනු මැන ඔබගේ ආලෝකේ
නොදැනේ ඔබ ළඟ දුක සෝකේ
රහසේ බැඳි පෙම් එළිවූදා

අනගි සුරබිදෙන සිතු දේ සාදන
නැළවේ මධුරිය ඔබ සිටිනා තැන
අද ඉඳලා කිරි ඉතිරේවී
දුටු දා ඉඳලා ලුහුබැන්දා

ඔසවන අඩියක් අඩියක් පාසා
ඔබගේ දියුණුව සැලසේවා
ප්‍රේම ප්‍රදීපය බැබළේවා

රහසේ බැඳි පෙම් එළිවූදා
පෙම් සැපේට වේදෝ බාධා
දුටු දා ඉඳලා ලුහුබැන්දා
දන්නවාද මම පෙම් බැන්දා

Dutu da indala- Mohideen Baig

More from elon

Enable Notifications OK No thanks