Lyrics
ඉස්සර මා ඔබ දකින්න ආවේ
මුව සරසාගෙන සිනාවකින්
දැන් ඉඳ හිටලා බලන්න එන්නේ
දරන්න බැරි වේදනාවකින්
මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
ඔබටම මා ගැන සැක සිතිලා
වැරදි සොයනවද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර හැරලා
එවන් තැනකදී ඔබගේ යහපත
දියුණුව සම්පත සැලසේ නම්
මගේ දිවිය හැර අනිත් සියලු දේ
කැප කෙරුමට මා සුදානම්
මගේ නිදොස් බව වැටහුණු දිනකදි
කිව මැන අප දත් කෙනෙකු සොයා
එය දැනගත් පසු මම සැනසිල්ලේ
සැතපෙමි සදහට දෙනෙත පියා
මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
ඔබටම මා ගැන සැක සිතිලා
වැරදි සොයනවද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර ඇරලා
ඉස්සර මා ඔබ…..
issara ma oba -Priya Suriyasena
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment