Lyrics
මලින් පිරී ගිය විසල් වනේ පියා සලා යන කුරුල්ලනේ මගේ ප්‍රියදරී සොයා ගොසින් හිතේ තියෙන දුක කියව් අනේ
ඇය දැක ගන්නට පිබිදුණු නෙත් යුග රෑ යාමෙන් නැහැ පියවෙන්නේ සිසිල තුරුළු කර එනමුදු මද නළ ඇයගේ සුවදයි ගෙන එන්නේ
මලින් පිරී ගිය…..
කරල් කපන කල දර අහුලන කල දිය ගෙන එන කල බඩවැටියේ පියුමේ හිරවුන බබරෙකු විලසට මා ඇය ලග තනියට හිටියේ
මලින් පිරී ගිය…..
බෙලි මල් අරගෙන පෝ දින පන්සල් ගිය හැටි මට දැන් සිහිවෙනවා අද ඔබ තැනකය මා තව තැනකය මගේ හදවත දැන් වැළපෙනවා
මලින් පිරී ගිය…..
Malin Piri Giya Wisal Wane vane – H. R. Jothipala
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment