Mata Gamata Enna

මට ගමට එන්න | Mata Gamata Enna | Song & Lyrics

Lyrics of Mata Gamata Enna

මට ගමට එන්න ගමට එන්න
කුරුළු පිහාටුවක් එවන්න
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න

කළු දුමින් වැසුණු ගම්දොර නොපෙනෙයි
මං වැලහෙයි
පය මරු වැල් පැටලෙයි
ඇන්ටෙනා තුරින් තුර පසු කර
පියසි උඩින් ඉගිල්ළෙන්න
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

මට ගමට එන්න ගමට එන්න
කුරුළු පිහාටුවක් එවන්න
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න

මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි
හිස බරයි
මගේ අත මිට කකියයි
එන පාළොස්වක පෝයදාට
හඳ වාගේ ඔබ දකින්න
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

මට ගමට එන්න ගමට එන්න
කුරුළු පිහාටුවක් එවන්න
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න

Mata gamata enna – Amarasiri Peris peiris piris

More from Admin