Lyrics
මේ උයන්කොනේ නිල්දිය රැඳුණු විල්තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිමපෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ
සිනා රොදක් නැතේ කඳුල මා වටා ඇතේ
වලා පෙළෙන් එබී තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි හදක දුර නොදී
මේ උයන්කොනේ…..
දෙමාපියන් බැඳි පවුරු අප වටා ඇතේ
පියා සලන්නෙමි දිනෙක ඔබ සොයා එමි
පවන් සලන ලෙසින් සිතක ගිමන් නිවනෙමි
මේ උයන්කොනේ…..
Me uyankone- Chandralekha Perera


Comment