Lyrics
සුලගක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චි කොහොමද
මං අල්ලන්නේ
අහසක් සේ දූ යන මග
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝණි
මං රැක ගන්නේ
පණ වගේ මගෙ දූ
මං රැක ගන්නේ
මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා
ලොකු ගස් වැල් කඳුවැටි හෙම උඳුරා පොළවට දමනවා
අප්පච්චි කොහොමද
මං වලකන්නේ
මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා ආදරයෙන් මග බලනවා
තුරුලට ගෙන සනසවනවා
මං ලග නොවැ දූ
සැමදා සැනසෙන්නේ
මං බොරු තරහක් ගන්නව
ඇස් රතු වෙනකල් හඩනවා
තුරුළට අරගෙන හිටියත්
නැලවෙන්නැතුවම ඉන්නවා
අප්පච්චි කොහොමද මං නලවන්නේ
දූටත් වැඩියෙන් හයියෙන්
එතකොට නම් මට ඇඬේනවා
දූගේ කඳුළු මං ගන්නවා
දූ නැලවෙනකල් හඬනවා
මං ඇඬුවම දූ
නොවැ මා නළවන්නේ
සුලගක් වී …..
Sulagak Wi Wee Man Yanawa – Edward Jayakody
Comment