Lyrics
සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද අහසේ තනි වෙන්න ඕනැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද //
ලැජ්ජාවට දෝ අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ
සැනසීමටදෝ ඈත බලන්නේ
ආදරයට දෝ මට රිදවන්නේ
කවුරු නිසාදෝ ඔබ ලතැවෙන්නේ
යලි කවදා දෝ අපි හමුවන්නේ
තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද
Sulanga sulaga obada mage susuma – Kasun Kalhara
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment