වැහි දිය

Lyrics

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද

රෝස පතක කවි ලීව්වේ සුවද දිදි තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනක දී ඇහෙන්න
මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනක දී ඇහෙන්න
රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද

උස අත්තක මලක් උනේ ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න
අවසානේ උරුම උනේ… මල් පොකුරක එකක් වෙන්න
වැහි දිය මහ ….

Wahi Vahi Diya Maha Diya Themuwata – Deepika Priyadarshani

More from NmL

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *