ඔබ මලක් වෙලා

Lyrics

ඔබ මලක් වෙලා වන අරණේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී

සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුවරද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි

ඔබ මලක් වෙලා…..

ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර සඳ නිලඹර සමඟයි
සඳේ එළිය මා අසලයි

ඔබ මලක් වෙලා…..

Oba malak wela vela -Somathilaka Jayamaha

More from elon

Enable Notifications OK No thanks